27.8 C
Colombo
Friday, August 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටත් බංකොලොත් අපිත් බංකොලොත්

රටත් බංකොලොත් අපිත් බංකොලොත්

කබ්රාල්ගේ තීරණය නිසා රටට මොනවා වෙයිද..?

මේ දිනවල රටේ බොහෝ සෙයින් කතා බහට ලක්වෙන කාරණාවක් වන්නේ මහ බැංකු සංචිත අවසන් වන තෙක්ම විදෙස් ණය වාරික ගෙවීමට රජය විසින් ගෙන ඇති තීරණය.
ඒ විදිහට ඔවුන් මෙම ණය මුදල ගෙවීමට කල් ඉල්ලා නොගෙන මේ මොහොතේ ණය පියවා දැමීමට කටයුතු කිරීමෙන් රට අවධානමකට ලක්වෙයිද…?
අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ ගැනීමට නොහැකි වේවිද..?
එලෙස සිදුවුණොත් රටේ විශාල ප්‍රශ්නයක් ඇතිවේවිද..?
මේ ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජික වෛද්‍ය නවීන් සොයිසා මෙලෙස අදහස් දැක්වූවා.

ඩොලර් සංචිත නැතිවුණොත් බෙහෙත් ගේන්න බැරිවෙනවා.. බෙහෙත් විතරක් නෙවෙයි කිසිම අත්‍යවශ්‍ය භාණ්ඩයක් රටට ගේන්න බැරිවෙනවා.
මේ වගේ මොහොතක ණය ගෙවන්න හදන්නේ ඩොලර් ඇතිනේ ඕන තරම්.
ඖෂධ ගෙවන්නේ පිටරටින්නම් ඒවට ගෙවන්න ඩොලර් ඕන.. ඉතිං යම් හේතුවකින් මේ වෙලාවේ රටේ තියෙන ඩොලර් ටික ගෙවලා රටට ඩොලර් නැතිවුණොත් මේක සෞඛ්‍යටත් ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන්.