26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ල දේවස්ථානයකින් සොයාගත් අත්බෝම්බයේ සැකකරුවන් CCDයට

බොරැල්ල දේවස්ථානයකින් සොයාගත් අත්බෝම්බයේ සැකකරුවන් CCDයට

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

පොලීසිය පවසන්නේ සැකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාරයේ මේ වනවිට රඳවා සිටින බවයි. දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරේ දකුණ පසට වන්නට ඇති සුරුවම අසල තිබීයදී ඊයේ පස්වරු 4.45ට පමණ අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

දේවස්ථානයට පැමිණි අයෙකු මෙය දැක පියතුමන් දැනුවත් කර ඇති අතර පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිශ්ක්‍රීය අංශය මෙම ස්ථානයට කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර බෝම්බය එම ස්ථානයේ තැබීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුද වන බවයි.