― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsණය ගෙවන්න සහන කාලයක් ඉල්ලන්න බැරි ඇයි?

ණය ගෙවන්න සහන කාලයක් ඉල්ලන්න බැරි ඇයි?

ජනවාරි 18 කියන්නේ ශ්‍රි ලංකාවට තීරණාත්මක දවසක්. කොරෝනා වසංගතයත් එක්ක ලංකාව ආර්ථික වශයෙන් විශාල කඩා වැටීමකට ලක් වුණා. ඒ අතර ලංකාව මේ වෙද්දි ඩොලර් හිඟයකටත් පත් වෙලා. එවැනි පසුබිමක ලංකාව ඩොලර් ණය ගෙවන්නත් හදනවා. මේ වෙද්දි ලංකාව තුළ විවිධ අර්බුද රාශියකුත් පැන නැගිලා තියෙන බව ඔබ දැනටමත් දන්නවා. මිනිස්සුන්ට කන්න බොන්න එළවළු, හාල් නෑ. වගා කරන්න තෙල්, පොහොරත් නෑ. නාගරිකව ජීවත් වෙන මිනිස්සුන්ට ගෑස් නැති වීම නිසා අසරණ තත්ත්වයකට පත් වෙලා. ඉන්ධන හිඟ වීම නිසා ගමනාගමනයටත් බාධා ඇති වෙලා. මේ හැම ජරමරයක් අස්සෙම දැන් තවත් අලුත් ජරමරයක් ඇවිත්. බොහෝ ප්‍රදේශවල පැය දෙකක් දෙකහමාරක් පමන විදුලි කප්පාදුවකටත් අපිට මුහුණදෙන්න වෙලා.

මේ හැමදේකින්ම ජනතාව බැට කද්දි තව තවත් ජනතාව පීඩාවට පත් කරලා මේ ආණ්ඩුව හදන්නේ අහිංසක ජනතාවගේ මුදලින් ණය ගෙවන්න. ආර්ථික විශේෂඥයෝ පවා මේ ණය ගෙවන එක කල් දාන්න කියද්දිත් ඇයි මේ රජය හදිස්සියේ ණය ගෙවන්න හදන්නේ? මේ ණය ගෙවන එක කල් දාගන්න බැරි ඇයි? ණය ගෙව්වොත් රටට තව ඉදිරියට මුහුණපාන්න වෙන ගැටලු රාශියක් ගැන මංජු නිශ්ශංක සඳහන් කරනවා. ඔහු කියනවා වැඩි වුන ඉන්ධන මිල තවදුරටත් ඉහළ යනවා කියලා, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙනවා කියලා, ඒ වගේම විදේශගත වෙන්න ඉන්න අයටත් අසුබ අරාංචියක් ගැන ඔහු මෙලෙස සඳහන් කරනවා.

ජනවාරි 18 මේ ණය ගෙවුවහොත් රට තව තවත් අගාධයකට පත් වෙනවා. ඒ හින්දා මේ ප්‍රශ්නයට එකම විසඳුම වෙන්නේ ණය ගෙවීම සඳහා සහන කාලයක් ඉල්ලන එක. ඊට පස්සේ මහ බැංකුව තම සංචිත ඉහළ දමාගැනීම උදෙසා යම් ක්‍රමවේදයක් සකස් කර ගන්න ඕනේ. මේ අවස්ථාවේ ජනතාවත් රටත් වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය මෙය පමණයි. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ නම් අපට මේ සියලු ප්‍රශ්න විසදාගත හැක.