― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙෂාර ලිට්‍රෝ සභාපති ධුරයෙන් ඉවතට

තෙෂාර ලිට්‍රෝ සභාපති ධුරයෙන් ඉවතට

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා විය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍ය මග හැර සිටීම හේතුවෙන් ඔහු දැඩි ජනතා අප්‍රසාදයට ලක් වූ අතර තෙෂාර ජයසිංහගේ ඉවත් වීමෙන් හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.