26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරිස් ජොන්සන් සමාව අයදියි

බොරිස් ජොන්සන් සමාව අයදියි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය රටවැසියන්ගෙන් සමාව ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ කොවිඩ් ව්‍යාප්තියත් සමඟ දැඩි සංචරණ සීමා පනවා තිබියදී සිය නිවසේ පැවැත්වූ සාදයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමත් සමග ඔහු මෙලෙස සමාව ඉල්ලා තිබේ.

පසුගිය වසරේ මැයි මස 20 වැනිදා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය සේවක මණ්ඩලය වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති අතර මේ සිද්ධිය නිසා සිය පක්ෂය තුළින්ම දැඩි විවේචනයක් එල්ල වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැඩි අභියෝගයකට මුහුණ දී ඇත.