31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිය දෙන්න ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක්

විදුලිය දෙන්න ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක්

ඩීසල් නොමැතිව අක්‍රිය වී ඇති කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙක සඳහා අද (14) උදෑසන ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක් ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී, ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ එම ඉන්ධන ලැබීමත් සමඟ අදාළ බලාගාර යළි පණගැන්විය හැකි බවයි.
පද්ධතියට සම්බන්ධ වෙනත් බලාගාර, යම් ප්‍රශ්නගත තත්ත්වයකට පත් නොවුණහොත් යළිත් විදුලි සැපයුම යථාවත් කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ දින දෙකකට පමණක් බවයි. ඒ අනුව තවත් ඉන්ධන තොග කඩිනමින් එම බලාගාර සංකීර්ණය වෙත ලබා දිය යුතුව ඇත.

කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකක් ඩීසල් නොමැතිව ඊයේ (13) දහවල් අක්‍රිය කිරීමට සිදුවීමත් සමග ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවිය. විදුලි ඒකක මෙගාවොට් 300ක් එම බලගාර දෙක අක්‍රීය වීමෙන් ජාතික පද්ධතියට අහිමි විය.

මේ අතර මෙරට ජල විදුලි ජනනය දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 30ක් දක්වා පහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ කැනියන් ජල විදුලි බලාගාරයේ විදුලි ජනනය මේ වනවිට අත්හිටුවා ඇති බවයි.