27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋපාධියක් තියෙන බාබර්

උපාධියක් තියෙන බාබර්

Salon yoma කතා කරන්නම ඕන චරිතයක්. කැම්පස් ඉන්න කාලේ අපිට මතක ගොඩක් දීපු යාලුවෙක් තමයි මේ ඉන්නේ. හිතුනොත් දෙයක් කරල තමයි පස්ස බලන්නේ.😉😁 ඒ ටික ඇති නේහ්…🤣 කැම්පස් ඉන්න කාලේ හොස්ටල් එකේ හිටපු කොල්ලන්ගේ කොන්ඩවලින් පටන් ගෙන අද ලොකු සාර්ථකත්වයකට ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම මමවත් ඒ කාලේ කොන්ඩේ කපන්න දුන්නේ නෑ. මට හැමෝවම සෙට් නැති නිසා.😌 එත් අද professional level එකෙන්ම වැඩේ කරන්න පුලුවන් හැකියාව මේයාට තියෙනවා. කැම්පස් අවුට් වෙලා හැමෝම job හොයද්දී , තමන්ගේම business එකකට ලොකු අවධානමක් අරගෙන අද මාසෙකට ලක්ෂ 3,4 අදායමක් උපයන්න මේයා දක්ෂ වෙලා තියෙනවා. ඔයා මේයාගේ සැලොන් එකට ගිහින් කොන්ඩේ කැපුවොත් සැහෙන්න value එකක් ඔයාටත් ලැබෙනවා. උපාධියක් තියෙන බාබර් කෙනෙක්ගෙන් තමයි ඔයා කොන්ඩේ කපන්නේ😎. සෙල්ලම්ද නෑනේ. කැළණියෙ පැත්තේ ගියොත් කොන්ඩේ , රැවුල කපාගෙන එන්න. ඉදිරියට saloon ජාලයක හිමිකරුවෙක් වෙන්න මම සුභ පතනවා. ඒ වගේම මේක කියවන ඔයාලටත් පොඩි ආදර්ශ ටිකක් මෙයාගෙන් ගන්න පුලුවන් .1.තමන්ගේ අධ්‍යාපන මට්ටම නිසා අධික මාන්නයක් ඇති කරගන්න එපා.2.කිසිම job එකක් business එකක් පහත් කරන්න එපා.(හොද ඒවා😉)3.තමන්ගේ අරමුණට යද්දී අනිත් අයගේ කවි කතන්දර ගණන් ගන්න එපා.4.තමන් කරන දෙයින් සාර්ථකත්වයක් ලඟා කරගන්නකම් අතාරින්න එපා.

උපුටාගැනීම – Eranga Madushanka fb පිටුවෙන්