26 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෘතිම සහල් මාෆියාවට තිත තබනවා

කෘතිම සහල් මාෆියාවට තිත තබනවා

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් කන්ටේනර් 500ක් ඊයේ (13) කොළඹ වරායට පැමිණ ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

බදු සහන යටතේ ගෙන්වූ මෙම සහල් වෙළඳපොලට නිකුත් කළ පසු සහල් මිල අඩුවිය යුතු බව ඔහු පවසයි. මේ වනවිට සහල් මාෆියාවක් ක්‍රියාත්මක බව පෙන්වා දෙන වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ සහල් සඳහා කෘත්‍රිම මිලක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කරන බවයි.

වෙළඳ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) බලපිටිය ප්‍රදේශයේ සතොස ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩි ලාභ ලබාගැනීම සඳහා සහල් මිල වැඩි කිරීම පාප කර්මයක් බව අමාත්‍යවරයා වැදිදුරටත් අවධාරණය කරයි.

සතොස හරහා අඩුමිලට සහල් ලබාදෙන බවට වෙළඳ අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද පිටකොටුව වෙළඳපොල සහල් සිල්ලර මිල ගණන් උපුටා දක්වමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 165 කටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 155 කටත් මෙම සතිය තුළ පැවති බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙම සතියේ සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 167 යි ශත 50 කටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 140 කටත් පැවති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මෙම සතියේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 172 යි ශත 50ක මිලකටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 168 යි ශත 75 ක මිලකටත් අලෙවි වූ බව එහි වැඩිදුරටත් දැක්වෙයි.