29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අද (14) දිනයේදී සිය ධූරයට සමු දුන්නේය.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ සඳහා උත්සවයක්ද පැවති අතර එහිදී එම කාර්යාලයේ නිලධාරීන් පැමිණ ජයසුන්දරට සුබ පැතුම් එක් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සිය ධූරයෙන් ඉල්ලා අස් වන බව දන්වමින් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබිණි.

ඒ අනුව පී.බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබ තිබිණි. ඔහුගේ අස්වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති ලේකම් ධූරය සඳහා ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව ආර්ංචිමාර්ග සදහන් කරයි.