29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅගෝස්තු මසදී ඔමික්‍රෝන් තුරන් විය හැකියි

අගෝස්තු මසදී ඔමික්‍රෝන් තුරන් විය හැකියි

මේ වසරේ ජූලි-අගෝස්තු වන විට කොරෝනා වසංගතය මර්දනය වී සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක තත්ත්වයට පත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ඔමික්‍රොන් ප්‍රභේදය සමඟ ගෝලීය වශයෙන් කොරෝනා රැල්ලේ වර්ධනයක් සිදු වී ඇත. එහෙත් රෝගය උත්සන්න වී ඇත්තේ සුළු පිරිසකටය. එන්නත්කරණය සහ එමික්‍රෝන් ප්‍රභේදය විසින් ඩෙල්ටා ප්‍රභේදය යටපත් කිරීම මීට ප්‍රධාන හේතුවයි. ඔමික්‍රොන් ප්‍රභේදය සමඟ කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන්ව යාමේ යම්කිසි හැකියාවක් ඇතැයි ඖෂධ නියාමන හා සැපයුම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමනද සඳහන් කරයි.

එවන් තත්ත්වයකදී සිවුවැනි මාත්‍රාවක් ගැන කතා කළ යුතු නැතැයිද පැවසූ ඔහු නමුත් එවැනි අනපේක්ෂිත තත්ත්වයක් ඇති වුවහොත් ඊට පිළියම් ඇති බවද කීය.

කුමන ප්‍රභේදයක් පැමිණියද නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිපැඳියහොත් වයිරසයෙන් ආරක්ෂා විය හැකි බවත් බූස්ටර් එන්නත ගතහොත් වයිරසය වැළඳුනද ජීවිතාරක්ෂාවක් පවතින බැවින් හැකි ඉක්මණින් එම එන්නත ලබා ගැනීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කළේය. ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට හෝ ළඟම ඇති රෝහලට ගොස් බූස්⁣ටර් එන්නත ගැනීමට පියවර ගන්නා ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.