27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම ඉන්දියාව පැත්තට හැරෙයිද?

ලංවිම ඉන්දියාව පැත්තට හැරෙයිද?

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම ‌සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස තමන් ලංවිම සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.‍

අවශ්‍යනම් එම සාකච්ඡා සඳහා තමන්ද එක්වෙන බව තමා විසින් ලංවිම සභාපතිවරයට දැන්වූ බවද ඔහු පැවැසීය.

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට අවශ්‍ය නම් ඒ් සඳහ ගෙවිම් ඩොලර්වලින් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ. එසේම මේ වන විටත් ලංවිමට ඇත්තේ දින තුනක අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පමණි.

දැනට අක්‍රියව ඇති ‌නොරොච්චෝලේ බලාගාරය යළි සක්‍රීය තත්ත්වයට ගෙන ඒ්මට ලබන 22 වැනිදා තෙක් කල්ගතවනු ඇතැයිද වාර්තා වෙයි.