30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalශ්‍රී පාද බැතිමතුන් රැගත් මෝටර් රථය අනතුරට

ශ්‍රී පාද බැතිමතුන් රැගත් මෝටර් රථය අනතුරට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් අද (17) අනතුරට පත් වීමෙන් මෝටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

පසුව එම තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව නල්ලතන්නිය පොලිසිය පවසයි. අද දහවල් මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ රිකාටන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇත.

ශ්‍රී පාද වන්දනාව අවසන් කර ආපසු පේරාදෙණිය දක්වා මෝටර් රථය ධාවනය වන අවස්ථාවේ මොටර් රථයේ රියදුරාට නින්ද යෑම නිසා මාර්ගය අසල පිහිටි අධි බලැති විදුලි කණුවක ගැටි මෙම අනතුර සිදු වි තිබේ.