33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවට කඩුලු 04ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 04ක විශිෂ්ට ජයක්

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් මෙම තරගය පවැතියේය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 175ක්  රැස්කළේය.

මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායක දුනිත් වෙල්ලලගේ සිය පන්දුවාර 10 තුළදී ලකුණු 28ට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය.

ලකුණු 176ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37කදී කඩුලු 6ක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 49ක් තුළදී දැවී ගිය අතර නායක දුනිත් ලකුණු 52ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ගියේය. ඔහු අංජල බණ්ඩාර හා රනුද සෝමරත්න සමග සාර්ථක සබඳතා ගොඩ නැංවීය.

පන්දුවෙන් හා පිත්තෙන් දක්ෂතා දැක්වූ නායක දුනිත් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග දෙකම මේ වන විට ජයග්‍රහණය කර තිබේ.

19න් පහළ කණ්ඩායමේ උපදේශක ලෙස ශ්‍රි ලංකා හිටපු සුපිරි නායක මහේල ජයවර්ධන කටයුතු කරයි.