22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබොරැල්ල දේවස්ථානයට බෝම්බය තිබ්බෙ වෛද්‍යවරයෙක්?

බොරැල්ල දේවස්ථානයට බෝම්බය තිබ්බෙ වෛද්‍යවරයෙක්?

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සියළු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නැමැති 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබූ අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

එම සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබාදී ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහතදී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවටද තොරතුරු අනාවරණ වී ඇති අතර එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.