26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාව අයින් කරලා කියල මං දැන්ගත්තෙත් මාධ්‍යයෙන්

මාව අයින් කරලා කියල මං දැන්ගත්තෙත් මාධ්‍යයෙන්

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට පළ වූ ප්‍රචාරවලට පිළිතුරු දීමට අද (19) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

එහිදී මිල්කෝ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ සඳහන් කළේ නව සභාපතිවරයෙක් පත්කර ඇති බව තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවයි. ඒ සම්බන්ධයෙන් විමසීමට තමන් විෂයභාර අමාත්‍යවරයා ඇමතීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වූ බව සභාපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත වික්‍රමසිංහ මහතා,

“ඒ සම්බන්ධයෙන් මට කිසිම දැනුම්දීමක් කරලා නැහැ. මමත් දැනගත්තේ මාධ්‍යයෙන්. නමුත් මටත් ආරංචි වුණා රේණුක පෙරේරා මහතාට ලිපියක් නිකුත්කරලා තියෙනවා කියලා. කෙසේනමුත් එතුමත් අපේ හිතවතෙක්. එතුමා මෙතනට වැඩ භාරගන්න තුරු ඒ රාජකාරී ධුරයේ ඉදිරියට කරගෙන යනවා. ඉතින් සතුටුවෙනවා අපි මිල්කෝ සමාගම තුළ ජනාධිපතිතුමා භාරදුන් වගකීම පසුගිය අවුරුදු දෙක තුළ නොපිරිහෙලා ඉටුකරන්න අපිට හැකියාව ලැබුණා. හැමෝම ලේසි ඒවා ඉල්ලනවා අමාරු එකක් අරගෙන කරන්න කියන එක තමයි අපිට අභියෝගය භාර දුන්නේ. අපි ඒ අභියෝගය භාරගෙන වසර දෙකක් තුළ වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා පසුගිය අවුරුද්දේත් මිලියන 400ක ලාභ ලබන ආයතනයක් බවට පත්වුණා. ඊට කලින් අවුරුද්දෙත් මිලියන 400ක ලාභ යක් ලැබුවා.”