25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවෙන්නප්පුව දේවස්ථානයෙන් හමු වූ සොහොන් කොත කාගේද?

වෙන්නප්පුව දේවස්ථානයෙන් හමු වූ සොහොන් කොත කාගේද?

වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රාජේශ්වරී දෙව්මැදුරේ ඉදිකිරීමක් අතරතුර හමුවූ සොහොන් ගැබ පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොමු කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම සොහොන් ගැබ දැනට කිසිදු වෙනසකට ලක් නොකර එම ස්ථානයේම තබන ලෙස උපදෙස් දුන් බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග සඳහන් කරයි.

දේවස්ථාන පියතුමන්ගේ කැමැත්ත විමසා මෙම සොහොන් ගැබ විවෘත කිරීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹිය හැක්කේ සුසානය විවෘත කිරීමෙන් අනතුරුව ලැබෙන සාක්ෂි මත බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

දේවස්ථානයේ ඉදිකිරීමක් අතරතුර මෙම සොහොන් ගැබ හමු වී තිබේ. ඊයේ පස්වරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ස්ථානය පරික්ෂා කළ අතර එහිදි මූලික වශයෙන් අනාවරණ වූයේ සොහොන් ගර්භය පිහිටි භූමියේ පස් ස්ථරවල යුග දෙකක කරුණු හෙළි වන බවයි.