32.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්?

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්?

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇත.

එම ගිනි අවි අතර පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හදුනාගත නොහැකි ගිනිඅවියක් තිබූ බව පොලිසිය පවසයි.

බෝම්බ තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය. අනතුරුව පිළියන්දල ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය.