32.8 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැලණිතිස්ස බලාගාරය යළි පණ ගන්වයි

කැලණිතිස්ස බලාගාරය යළි පණ ගන්වයි

ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක මේ වනවිට යළි පණ ගන්වා තිබේ.

සංචිත ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර දෙක පෙරේදා රාත්‍රී කාලයේ නවතා දැමූ අතර ඒ හේතුවෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතාවක්, කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115ක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ පස්වරු 2.30න් පසු රාත්‍රී 9.30 දක්වා කාලය තුළ කලාප වශයෙන් පැයයි විනාඩි 45ක බැගින් වූ විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු කෙරුණු අතර
කෙසේවෙතත් කැලණිතිස්ස බලාගාරයට එළඹෙන 22 වැනිදා දක්වා දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් බැගින් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු සම්පාදනය කර තිබිණි.

ඒ අනුව ඊයේ (19) රාත්‍රී 11ට පමණ එම බලාගාර සංකීර්ණයට ඉන්ධන ලැබීම ආරම්භ වී තිබේ.