31.7 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී ලෝක බැංකුවෙන් ආධාර ගන්නවා

ඉදිරියේදී ලෝක බැංකුවෙන් ආධාර ගන්නවා

රටේ විදේශ විනිමය අර්බුදයක් පවතින බව පිළිගන්නා බවත් ලෝක බැංකුව ලබා දෙන ආධාර ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

පවතින අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාව තනිවී නැති බවත් ශ්‍රී ලංකාවට සහය දීමට රටවල් ගණනාවක් ඉදිරිපත්වී සිටින බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

සෑම රටකම ඇත්තන්ගේ නැත්තන්ගේ ආදායම් පරතරය උග්‍ර වෙමින් පවතින බවත් ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් බිලියන 229ක පැකේජයක් ප්‍රකාශයට පත් කළ බවත් ඔහු සඳහන් කළේය.