ගත වූ සතිය තුළ වෙළඳපොළේ සියලු සහල් වර්ගවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.
වෙළෙඳුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ දේශීය සහල් අලෙවි කරගත නොහැකි තරමට මිල ඉහළ ගොස් ඇති බවයි. මහ බංකු දෛනික වාර්තාවට අනුව පිටකොටුව තොග වෙළඳපොලේ සම්බා සහල් කිලෝවක් රුපියල් 165ක්, නාඩු සහල් කිලෝවක් රුපියල් 148ක්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 157ක් සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 161ක් ලෙස සටහන් වේ.
ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව සුදු කැකුළු සහල් හැර අනෙකුත් සියලු සහල් වර්ගවල මිල රුපියල් 5කට වැඩි මිලකින් ඉහළ ගොස් තිබේ. ආනයනික සහල් සාපේක්ෂව පහළ අගයක පවතී.
ඒ අනුව පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 126ක්, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 120ක් සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල්
122ක් වෙයි.
මෙම තත්ත්වය සමඟ පාරිභෝගිකයින් දේශීය සහල් මිලදී නොගන්නා තත්ත්වයක් පවතින බවට වෙළෙඳුන් චෝදනා කරයි.