30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෛත්‍රීට ගෑවුනු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා

මෛත්‍රීට ගෑවුනු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා

පොහොට්ටුව නොතිබුනා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එනමං නැති බවත් මෛත්‍රීට ගෑවුනු එකෙකුටවත් ඡන්දය නොදෙන ලෙස තමා කලින්ම ඉල්ලා සිටි බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක ගුවන්තොටුපලේ ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල ආණ්ඩුවට යම් යම් චෝදනා කරනවා ඒ අය ගියා කියලා ආණ්ඩුව වැටෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැකුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොහොට්ටුව හදපු නිසයි.

පොහොට්ටුව හදන්නේ නැතිව තිබුන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දීම නිසා අසරණ වී හිටපු ශ්‍රී ලංකා කාරයන්ට යන එනමං නැති වෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ක්‍රියා කලාපය නිසා අසරණ වෙලාහිටපු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයාට රැකවරණය ලැබුණේ පොහොට්ටුව හදපු නිසයි.

ඒක අමතක කරලා තමයි යහපාලනය පස්සේ ගිය අය අද ආයෙත් කටයුතු කරන්නේ. මේ අය රාජපක්ෂවරු හා ආණ්ඩුව විවේචනය කරන එක අරුමයක් නෙමෙයි. මොකද මේ අයගේ නායකයා මෛත්‍රී තමයි ආප්ප කාලා පැනල ගිහින් එජාපයට කත් ඇද්දේ. මම නම් මුල ඉදලාම හිටියේ ශ්‍රී ල.නි.ප එකතු කර ගන්න එපා කියන මතයේ. ඒකයි මම කීවේ මෛත්‍රීට ගෑවුනු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. ”