28.4 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහිජාස් හිස්බුල්ලාට ඇප ලැබෙයිද?

හිජාස් හිස්බුල්ලාට ඇප ලැබෙයිද?

රිමාන්ඩ් භාරයේ පසුවන හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන 28 වැනිදා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වූවොත් ඊට විරුද්ධ නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (20) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉන්නා රිමාන්ඩ් භාරයේ පසුවන හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රතිශෝධන පෙත්සමක් අද අභියාචන අධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා එම දැනුම් දීම සිදුකළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ හිස්බුල්ලාට එරෙහි නඩු විභාගය ලබන 28 වැනිදා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන බවයි. එම නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඊට විරුද්ධ නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මීට වසර දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගනු ලැබූ හිජාස් හිස්බුල්ලා මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.