30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑස්. අයිගේ බිරිඳට අනියම් බිරිඳගෙන් ප්‍රහාරයක්

එස්. අයිගේ බිරිඳට අනියම් බිරිඳගෙන් ප්‍රහාරයක්

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරියකට ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් ඊයේ (20) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

හංවැල්ල, කලුඅග්ගල පදිංචි 34 හැවිරිදි කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කාන්තාව, පානදුර වලාන ප්‍රදේශයේ පොත්හලක සේවය කරන බවත් එහිදී දෙදෙනා අතර ඊයේ රාත්‍රී ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවත් වාර්තා වේ.

පහරකෑමට ලක්වූ පොලිස් බිරිඳ පානදුර මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර පහරකෑමට ලක්වූ කාන්තාවගේ සැමියා උප පොලිස් පරීක්ෂක වරයෙකු බවත් ඔහුගේ අනියම් බිරිඳ බවට සැකකරන කාන්තාවක පහරදීම සිදුකර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.