27.2 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩු අංජුගේ දේපළ CIDය යටතට

කුඩු අංජුගේ දේපළ CIDය යටතට

විදෙස්ගතව සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන ‘කුඩු අංජු’ නැමැත්තාගේ දේපළ අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රත්මලාන, මොරටුමුල්ල ප්‍රදේශයේදී අදාළ පවරාගැනීම් සිදුකර ඇති අතර එහිදී නිවාස දෙකක්, රත්‍රන් තොගයක්, කුඩා ලොරියක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් හමුවී තිබේ.

එම දේපළවල වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බවත් ‘කුඩු අංජු’ නැමැත්තාගේ බිරිඳගේ නමින් එම දේපළ තිබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ‘කුඩු අංජු’ නැමැත්තා 2018 වසරෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මෙම වත්කම් මිලදීගෙන ඇතැයි වාර්තා වේ.