28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් නිසා දැඩිසත්කාරවල අර්බුදයක්

කොවිඩ් නිසා දැඩිසත්කාරවල අර්බුදයක්

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම නිසා ලබන මාසයේදී රෝහල්වල දැඩි සත්කාර ඒකකවල අර්බුදයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය හමුවේ රට යළිත් අගෝස්තු මාසයේ පැවති තත්ත්වයට පත්වීමේ ඉඩකඩක් පවතින බව ඔහු වැඩිදුරටත් පවසයි.

“මේ රෝගීන් ප්‍රමාණය වැඩිවුණාම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු කිරීම වැඩිවුණාම නැවත වතාවක් පෙබරවාරි පළමු සතිය දෙවැනි සතිය වෙනකොට රට තුළ රෝගීන් ප්‍රමාණය එකතුවුණාම දිනපතා මේ ප්‍රමාණයේ යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු වුණාම දිනකින් දෙකකින් ඔවුන් එතැනින් එළියට යන්නේ නෑ. සමහර වෙලාවට සතියක් දෙකක් ඇතුළේ රැදෙනවා. එහෙම වුණාම අපිට තියෙන්නේ සීමිත ඇදන් ප්‍රමාණයක් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ දැඩි සත්කාර ඒකකවල. නැවත වතාවක් අගෝස්තු මාසයේ තත්ත්වයට එන්න පුළුවන්කමක් තියෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ අසාධ්‍ය වීම හා මියයෑමට තියෙන සම්භාවිතාව සාපේක්ෂව අඩු වුණාට රෝගීන් ප්‍රමාණය ඉක්මනින් පැතිර යෑම වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා මේක සෙල්ලමකට ගන්න නරකයි. දැන් මේ සියල්ලම හරි කොවිඩ් වසංගතයේ අන්තිම කොනට ඇවිත් තියෙන්නේ අපිට මේ බුස්ටර් එන්නතෙන් ඇති වැඩක් නෑ කියලා. එහෙම වුණොත් එහෙම ඉදිරි සති කිහිපය ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.”