32.2 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොස්තාපල්වරයා අවසන් ගමන් යැවූ රාජකාරිය

කොස්තාපල්වරයා අවසන් ගමන් යැවූ රාජකාරිය

අද උදෑසන මහරගම පොලිස් ස්ථානයෙන් රාජකාරී නිමවා නැවත පැමිණෙන අතරතුර මහරගම දඹහේන මාර්ගයේදී යතුරුපැදිය අනතුරට ලක්වීම හේතුවෙන් මහරගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ.

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ වයස අවුරුදු විසි හතරක් වන පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි එස්.එම් සංජීව නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. අදාළ පොලිස් කොස්තාපල්වරයා පන්නිපිටිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් අසල රථ වාහන රාජකාරි සඳහා ගොස් එය නිමවා නැවත පැමිණෙන අතරතුරදී මෙම අන්තුරට ලක්ව තිබේ.

අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා පැදවූ යතුරු පැදිය පාලනයෙන් ගිලිහී අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදු වී ඇත.