29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

මිදිගම පොලිස් වසමේ තුර්කි ගම්මානයේ ඊයේ (20) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

වෙඩිතැබීම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා වලාන රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මිය ගොස් ඇත.

ඊයේ රාත්‍රී කාලයේදී මේ සම්බන්ධයෙන් මිදිගම පොලිසියට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ගලයා 46 හැවිරිදි මිදිගම, තුර්කි ගම්මානයේ පදිංචි අයෙකු බවට අනාවරණය වී තිබේ. එම පුද්ගලයාගේ මළ සිරුර මරණ පරීක්ෂණ සඳහා මාතර මෘත ශරීරාගාරයේ තබා ඇත.

වෙඩි තැබීම සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම සහ වැලිගම පොලිස් ස්ථාන එක්ව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.