29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක්

මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක්

ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. අද (21) විශූද්ධාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

අද වනවිට පාරිභෝගික භාණ්ඩ මිල හිතුමනාපෙට ඉහළ යන බවත් ආණ්ඩුවට ඒ කිසිවක් පිලිබදව වගක්වත් නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවී ඇති බවයි.

මේ අන්තනෝමතික පාලනය තුළ සමස්ත ගොවිජනතාව අනාථ වී ඇති බව කී ඒ මහතා මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට බවත් කීය.