27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොතලාවල පනතට එරෙහිවීම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීමට හේතුවයි

කොතලාවල පනතට එරෙහිවීම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීමට හේතුවයි

කොතලාවල පනතට එරෙහිවීම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීමට හේතුව බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ

කොතලාවල පනතට එරෙහිව අඛන්ඩ අරගලයක් දිගටම තිබුණා. ජනතා විරෝධය නිසා ආණ්ඩුවට කොතලාවල පනත අකුලා ගන්න සිද්ධ වුණා. ආණ්ඩුව කොතලාවල පනතට එරෙහිව සටන් කරපු බලවේග අත්අඩංගුවට ගෙන සිරගත කරන වැඩපිළිවෙළක් අරගෙන ගියා. අන්තරේ කැඳවුම්කරු ඇතුළු පස් දෙනෙක් දින 105ක් සිරගත කළා. ඒකෙම එක දිගුවක් විදිහට අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි අද 24 හංවැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා . උසාවියට ඉදිරිපත් කරලා ඇප ලබා දුන්න නැවත ඊලග නඩුවාරයේදී අනිවාර්යෙන් උසාවියට කැඳවිය යුතුයි කියන එකඟතාවය එක්ක.