― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් පිටවුණේ නැහැ

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් පිටවුණේ නැහැ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවූ බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රශ්න පත්‍ර සිසුන් අතට පත්කිරීමෙන් පසු ඇතැම් ප්‍රශ්න පත්‍ර ඡායාරූපගත කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් ඒ හේතුවෙන් විභාගයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ප්‍රකාශ කළේය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය සෙනසුරදා (22) පැවැත්වූ අතර සිසු සිසුවියන් 340,508 විභාගයට පෙනී සිටියහ. ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම ලබන 31 වැනිදා ආරම්භ කෙරේ.