32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෙම් හුටපටයෙන් අත් වූ ඉරණම

පෙම් හුටපටයෙන් අත් වූ ඉරණම

ලබුදුව ප්‍රදේශයේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යාවකට පසුගිය 21 වැනිදා තරුණයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබේ.

එම පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කළද අවශ්‍ය පියවර ගැනීමට පියවර නොගත් බවට ශිෂ්‍යාවගේ පියා චෝදනා කරයි.

ගාල්ලේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයක විදුලි ඉංජිනේරු අංශයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි අවුරුදු 23 හැවිරිදි එම ශිෂ්‍යාවට ලබුදුව වෛද්‍යපිඨ නිල නිවාස ගේට්ටුව අසලදි පුද්ගලයකු පසුගිය 21 වැනිදා පිහියෙන් ඇන ඇති අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවිය මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තුවාල ලැබූ තරුණිය මොනරාගල, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
එම සිසුවියගේ පියා පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මීට පෙර හත් වතාවක් සිය දියණියට මරණීය තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදී තණමල්විල පොලීසියට පැමිණිලි කළ බවත්ය.

ප්‍රහාරය සිදුකළ පුද්ගලයා තුවාල සිදුකළ පිහියද සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍යවලට මුදාහැර ඇති අතර තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් පමාකරමින් සිටින බවට පියා චෝදනා කරයි.