32 C
Colombo
Tuesday, May 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබස් එකේ හිටන් යනවා නම් ගාන අඩුවෙන්

බස් එකේ හිටන් යනවා නම් ගාන අඩුවෙන්

බස් රථවල හිටගෙන ගමන් ගන්නා මගීන්ගෙන් අඩු මුදලක් අය කළ හැකි පරිදි නව බස් ගාස්තු ක්‍රමයක් කඩිනමින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම පවසයි.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයෑමේදී සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉහළ දැමීමක් කර තිබුනද, බෙහොමයක් බස් රථවල ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව හිටගෙන යන මගීන්ගෙන් සංශෝධනයට පෙර පැවැති ගාස්තු අය කිරීමට හැකි ලෙස නව ක්‍රමයක් හඳුන්වා දෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.