26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් වෛරස් උණක් පැතිරෙයි

තවත් වෛරස් උණක් පැතිරෙයි

කොවිඩ් වෛරසයට අමතරව රට තුළ තවත් වෛරස් උණ රෝගයක් පැතිරයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පවතින තත්ත්වය හමුවේ ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ අතර ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සඳහා මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිර්දේශ 05ක් ඉදිරිපත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විශේෂඥ කමිටුවක් මගින් සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව අදාළ නිර්දේශ සකස්කර ඇත. අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ රජයේ බළධාරීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.