2021 වසරේ අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න නම් කර ඇති අතර වනිදු හසරංග අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායමට ඇතුළත් කර තිබේ.
අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය මගින් 2021 වසරේ ක්‍රීඩිකාව ලෙස ඉන්දියාවේ ‘ස්මිර්ති මන්දනා’ නම් කර තිබේ.
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස එංගලන්ත නායක ජෝ රූට් නම් කර ඇති අතර ඔහු එම වසර තුළ රැස් කළ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 1700කට අධිකය.
වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන නායක බාබර් අසාම් නම් කර තිබේ. වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස පාකිස්තාන පිළේ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් නම් කර ඇත.
වසරේ අයි.සී.සී. ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩී හට ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝර්බස් කුසලානය පිරිනැමීමට නියමිතය.