28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalආරච්චිකට්ටුවෙන් අභිරහස් මළසිරුරක්

ආරච්චිකට්ටුවෙන් අභිරහස් මළසිරුරක්

අභිරහස් ලෙස මියගොස් ඇති නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් තුන්මහල් ගොඩනැගිල්ලක තිබී හමුවූ බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරයි.

මළසිරුර තිබූ ස්ථානයට පැමිණි හලාවත ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ දිසාවිනිසුරු නවීන් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් මූලික නිරීක්ෂණ කටයුතු සිදුකර අනතුරුව දිසා විනිසුරුවරයාගේ නියමය පරිදි මළසිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත මහා රෝහලට ගෙන යාමට කටයුතු කර ඇත.

මළසිරුර හමුවී ඇති ගොඩනැගිල්ල තුළ ඉස්සන් සඳහා යොදන ආහාර ගබඩා කර තිබුණු බවට වාර්තා වේ.‍

එම ගොඩනැගිල්ලෙන් දින කිහිපයක් පුරා දුගඳක් පිටවීම නිසාවෙන් ප්‍රදේශවාසීන් සෝදිසි කර බැලීමේ දී ඊයේ (25) දහවල් මළසිරුර දැක තිබේ.

ගොඩනැගිල්ලේ තුන්වන මහලේ කාමරයක ඇඳක් මත කොටස් දෙකකට වෙන්ව මළසිරුර තිබී ඇති අතර, එහි අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.