28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් වලටත් එන්නතක්

ඔමික්‍රෝන් වලටත් එන්නතක්

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි නව එන්නතක සායනික අත්හදාබැලීම් ආරම්භ කළ බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් නිවේදනයක් ඉදිරිපත් කරමින් පවසයි.

බූස්ටර් මාත්‍රාවක් වන මේ එන්නත මඟින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට අපේක්ෂිතය.

අවුරුදු 18ත් 55ත් අතර නිරෝගී පුද්ගලයන් 1,420 දෙනෙකු යොදාගෙන සිදුකරන අත්හදා බැලීමේදී එන්නතේ ආරක්ෂාව, එහි බලපෑම, රෝගියෙකුට දරාගත හැකි මට්ටම හා ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර මට්ටම සම්බන්ධයෙන් ඇගයීමට ලක්කෙරේ.

මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ හටගත් කොවිඩ් රැල්ල ඉදිරි සති කිහිපයේ තියුණු ලෙස වර්ධනය වනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

ඔමික්‍රෝන් මේ වන විට ඉන්දියාවේ සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයට පත්වී ඇති අතර රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව සඳහන් වේ.