27.2 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකටානෙන් 100ට වැඩි කොරෝනා මගුල් පොකුරක්

කටානෙන් 100ට වැඩි කොරෝනා මගුල් පොකුරක්

කටානේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඉකුත් 18 වැනිදා කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක මෙම විවාහ මංගල්‍ය උත්සවය පවත්වා ඇති අතර මෙසේ කොවිඩ් ආසාදිත බවට වාර්තා වන රෝගීන්ගෙන් 30 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.

මෙම විවාහ මංගල උත්සවයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් ලද තොරතුරුවලට අනුව මෙම විවාහ මංගල සාදයේදී මත්පැන් පානය කරමින් නර්තන පීඨිකාව මත නර්තනයේ යෙදුණු පිරිසක් විවාහ මංගල උත්සවය පසු වී දින කීපයකින් කොරෝනා ආසාදිතයන් ලෙස පළමුවෙන්ම තහවුරු වී ඇතැයි හදුනාගෙන තිබිණි.

විවාහ මංගල සාදයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බවත් අනෙක් ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබේ.