27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස මෙම විශේෂ පෙත්සමින් ඉල්ලා ඇත.

දේශීය ආදායම කොමසාරිස්වරුන්ගේ සම්මේලනයේ සභාපති එම්. පී. සරත් අබේරත්න මහතා ඇතුළු එම සංගමයේ ලේකම්වරු සිව් දෙනකු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල හා පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල කප්පාදු වීමක් සිදු කරන බවයි.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලය පැවරීමක් සිදු වන බවත් පෙත්සම්කරුවන් චෝදනා කළා.

එබැවින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති 13 ක් මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කොට ඒවා ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් වැඩිදුරටත් තිබෙනවා.