29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ICU ඇඳන් 70න් 63ක් පිරෙයි

කොවිඩ් ICU ඇඳන් 70න් 63ක් පිරෙයි

කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර සහ අධි සත්කාර ඇඳන් 70න් 63ක් මේ වනවිට සක්‍රීය ලෙස භාවිත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

එසේම කොවිඩ් රෝගීන් සඳහා මේ වනවිට වෙන් කර ඇති ඇඳන් ප්‍රමාණවත් නොවුණහොත් කොවිඩ් රැල්ලක් පැවති පෙර අවස්ථාවේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු රෝහල් වෙත දන්වා ඇත.

මේ වනවිට වාර්තා වන රෝගීන් සඳහා රෝහල් පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය වන අතර මෙරට රෝහල් පද්ධතිය තුළ ප්‍රමාණවත් ඔක්සිජන් ධාරිතාවක් පවතින බවත් හේමන්ත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.