― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාව ප්‍රතික්ෂේප කළ රුසියාවෙ ඉල්ලීම

ඇමරිකාව ප්‍රතික්ෂේප කළ රුසියාවෙ ඉල්ලීම

රුසියාව විසින්, යුක්‍රේනය නේටෝ සංවිධානයෙන් තහනම් කරන ලෙස කළ ඉල්ලීම අමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

යුක්‍රේන අර්බුදය විසඳීම සදහා රුසියාව සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මේ බව ප්‍රකාශ කර ඇති බවත්, එම අර්බුධයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබාදීමට ඇමරිකාව සුදානම් බව රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් නෙටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන් බර්ග් ද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නෙටෝ සංවිධානය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බව රුසියානු අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබේ.