26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගම්පොළින් කාන්තාවකගේ මළසිරුරක්

ගම්පොළින් කාන්තාවකගේ මළසිරුරක්

අනන්‍යතාව මෙතෙක් තහවුරු නොවුනු කාන්තාවගේ මළ සිරුරක් ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි සොයාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් – 55ක් පමණ වයසැති කාන්තාවක් බව පොලීසිය පවසයි.

එම කාන්තාවගේ බවට සැකකෙරෙන අත්බෑගයක් ද ගඟ අසල වැටී තිබී ඇති අතර, එහි තිබී රුපියල් 15,000කට ආසන්න මුදලක් හා ඖෂධ කිහිපයක් ද සොයාගෙන තිබේ.

එම ස්ථානයට පැමිණි ගම්පොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, අවට පොලිස් ස්ථානවලට එම කාන්තාවගේ විස්තර පිළිබඳ පණිවුඩ යවා ඇති අතර, වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරේ.