23.9 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතෙල්වල ප්‍රමිතියේ ගැටලු ඇත්නම් ගත්ත තැන සංස්ථාවට කියන්න

තෙල්වල ප්‍රමිතියේ ගැටලු ඇත්නම් ගත්ත තැන සංස්ථාවට කියන්න

ඉන්ධන ප්‍රමිතියේ යම් ගැටලුවක් පවතින්නේ නම් එම ඉන්ධන මිලට ගත් ස්ථානය ගැන වහාම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හෝ බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දැනට භාවිතයේ පවතින ඉන්ධනවල ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැති බවට මේ දක්වා කළ පරීක්ෂා කිරීම්වලදී තහවුරු වී ඇති බව ද ඇමැතිවරයා කීය.

මෙරටට ගෙන්වන ඉන්ධන ස්ථාන 04කදී දීර්ඝ පරීක්ෂණ ක්‍රියාවලියකට ලක් කරන බවත් පැවසූ ඇමැතිවරයා, ආනයනය කරන රටේදී ස්වාධීන පරීක්ෂකයකු මඟින් මුලින්ම පරීක්ෂා කර, මෙරටට නෞකාව පැමිණි පසු ගොඩබෑමට පෙර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම අනතුරුව ගබඩා භාරකරු වන තෙල් ගබඩා පර්යන්න සමාගම මඟින් ද සාම්පල පරීක්ෂාවන් කරන බවත් හෙතෙම කීය.

රුවන්ත නිතුල්ගස්පිටිය