ලංකාවේ පොහොර ගැන තිබුනු ප්‍රමිතිය පිළිබදව නීතිය වෙනස් කර ඕන කුණු ගොඩක් ලංකාවට පොහොර ලෙස ගෙන ඒමට හැකි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
අද 27 දින පැවති ජනපෙළගැස්ම ජන හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය .
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
මෙන්න නිකුත් කරලා තියනවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය අලුත් ප්‍රමිතියක්. මීට කලින් ලංකාවේ පොහොර ගැන ප්‍රමිතියක් තියෙනවා. කැමති කැමති විදිහට පොහොර ගෙන්වන්න බෑ. ඒ නිසා තමයි චීනයෙන් කොම්පෝස්ට් කියලා පොහොර නැවක් ආවට පස්සෙ ඒ කොම්පෝස්ට් පොහොර නැවේ අවේණියා කියලා ආගන්තුක ශුද්‍ර ජීවියෙක් ඉන්නවා කියලා ලංකාවේ ඒක ප්‍රතික්ෂේප කළේ.
ඒක ප්‍රතික්ෂේප කරල නැව ආපහු යවන්න වුණා. සාම්පල් චෙක් කරන්නෙ නැතුව නියැදියක් පරික්ෂා කරන්නේ නැතිව පොහොර ගෙන්වල පොහොර ඕඩර් කරලා අන්තිමට ඩොලර් ලක්ෂ හැට නමය ක වන්දිය කුත් ගෙවන්න වුණා.
අපි සාමාන්‍යයෙන් පොලේ ගියහම බණ්ඩක්කා මිලදී ගන්න කොටත් සම්පල් චෙක් ක රලා ගන්නේ.
නැට්ට කඩල බලනවා මෝරලා ද නැද්ද කියලා. පොලේ දී බණ්ඩක්කා ගන්නකොට කරන දේවත් රටට පොහොර ගෙන් ව ද්දි කළේ නෑ.
අන්තිමට මහදැනමුත්තාගේ විසඳුම වගේ මොකක්ද ආන්ඩුවේ විසඳුම, අලුත් නීතියක් සම්මත කරනවා. අලුත් නීතියට අනුව අලුත් ප්‍රමිතියක් තියෙනවා. ඒ අලුත් නීතියට අනුව ලංකාවට ගෙන්වන කොම්පෝස්ට් පොහොර වල ඒක පරික්ෂා කරන්න හරි ඒක නිරෝධායනය කරලාද කියලා බලන්න හරි ඒකෙ ශුද්‍රජීවීන් ඉන්නවද කියලා හරි බලන්න ඕනේ නෑ.
විශේෂිත පොහොර කියලා වර්ගයක් යටතේ ඕන කුණුගොඩක් ලංකාවට ගෙනල්ලා ලංකාවේ පරිසරය විනාශ කරලා, ලංකාවේ මිනිසුන්ගේ සෞඛ්‍යයත් අවදානමේ හෙ ළලා, ලංකාවේ කෘෂිකර්මාන්තයක් මුළුමනින්ම විනාශ කරන ඒ තීරණ වලට අවශ්‍ය කරන නීති දැන් සම්මත කරමින් තියෙන්නෙ.