― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක්

දිවයින පුරා රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක්

දිවයින පුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟවීම නිසා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

කොරෝනා සීඝ්‍ර ව්‍යාප්තියත් සමග පුද්ගලයන් රෝහල්වලට පැමිණීමෙන් ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යාමේ අවශ්‍යතාවයක් මතුව ඇතත් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල මහනුවර ජාතික, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු ප්‍රධාන රෝහල් රැසකම කට්ටල හිඟය හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇති බව අධ්‍යක්ෂවරුන් පවසති.

ඇතැම් රෝහල්වල බාහිර පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. කොවිඩ් පාලනය කර තිබීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම අවම කිරීම මෙම හිඟය ඇතිවීමට හේතුව වී ඇති අතර ලෝක බැංකු ආධාර යටතේ කඩිනමින් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ තුනක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.