විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්රියාත්මක කෙරෙන නිරෝධායන ක්රමවේදය සම්බන්ධ චක්රලේඛය අද (27) නිකුත් කර තිබේ.
මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු බවත් මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බවත් එම චක්රලේඛයේ සඳහන් වෙයි.