30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsV8 වලින් යන ඇමතිලා ජනතාවට සයිකල්වලින් යන්නලු

V8 වලින් යන ඇමතිලා ජනතාවට සයිකල්වලින් යන්නලු

V8 වලින් යන ඇමතිලා ජනතාවට සයිකල්වලින් යන්න යැයි කීම හාස්‍යයට කරුණක් බවත් කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, සිමෙන්ති පෝලිම් රට පුරා ඇති වී ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක  ‘සමගි ජනබලවේගයෙන්  හුස්මක්’ සහ ‘ජනසුවය’ ඒකාබද්ධව මීගොඩ ආයුර්වේද රෝහලට  ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කරනු ලැබීය.

අද (27)පෙරවරුවේ විපක්ෂ නායකවරයා විසින් අදාල ත්‍රීරෝද රථය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

දැන් තරඟෙට සභාපතිවරු ඉල්ලා අස්වෙනවා. එහෙම අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව ඒවා ඇතුලේ තියෙන නිසා.  කොවිඩ් ව්‍යසනය තුළින් අපේ රට දැවැන්ත වසංගතයකට මුහුණ දෙන අවස්ථාවේ මෙරට යල්පැන ගිය දේශපාලනය වෙනස් කරමින් විපක්ෂයක් ලෙස රටට අගයක් එකතු කළා. මම සෙසු සියලු දේශපාලන පක්ෂවලටත් ඒ සදහා ආරාධනා කරනවා. දැන් සෞභාග්‍යයේ දැක්ම වෙනුවට  අභාග්‍යයේ  දැක්ම නිර්මාණය වෙලා. කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, සිමෙන්ති පෝලිම් රට පුරා ඇති වෙලා තියෙන්නේ ඒකයි.