30.6 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනෙට වැටුණු යානය බෙදාගන්න සටනක්

චීනෙට වැටුණු යානය බෙදාගන්න සටනක්

ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇති ඇමරිකා හමුදාව සතු තාක්ෂණයෙන් දියුණුම ප්‍රහාරක යානයක් වන F35-C ප්‍රහාරක යානය, USS කාර්ල් වින්සන් නෞකාවේ සිට ගුවන්ගත කිරීමට උත්සාහ දරන විට ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මුහුදට කඩා වැටුණි.

එම ප්‍රහාරක යානය දකුණු චීන මුහුදේ ජාත්‍යන්තර කලාපයේදී අනතුරට ලක්වී මුහුදේ ගිලීගොස් තිබෙනව.

එහි නියමුවා යානාවෙන් එළියට පැන දිවි රැකගෙන ඇති අතර එමඟින් නෞකාවේ සිටි 7 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

නමුත් මේ වනවිට එම යානය චීන හමුදාවෙන් බේරා ගැනීමට අමෙරිකානු නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා විය.

එම යානය චීන හමුදාව විසින් ගොඩගතහොත් එහි තාක්ෂණික රහස් උකහාගැනීමට චීන විද්‍යාඥයින් කටයුතු කරතැයි අමෙරිකානුවෝ සැක පළ කරති.

ජාත්‍යන්තර මුහුදු කලාපයකදී මෙවැනි අනතුරක් සිදුවූ විට එය පළමුවෙන් සොයාගෙන ගොඩගත් පාර්ශ්වයට එහි භාරකාරීත්වය ලැබේ.

එය ගොඩගැනීමට කුමන පියවරක් ගන්නේද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.

දකුණු චීන මුහුද ජාත්‍යන්තර වශයෙන් මත ගැටුමකට පාදක වූ කලාපයකි.එය සම්පූර්ණයෙන් තමන් සතු බව චීනය පැවසුව නමුත් අනෙක් ලෝක බලවතුන් එය පිළිනොගනි.

“කළු ප්ව්ට්ටිය” අක්‍රිය වී ගියහොත් යානය සොයාගැනීම අපහසු විය හැකි බවත් එම නිසා යානය ගොඩ ගැනීම කඩිනම් කළ යුතු බව ආරක්ෂක උපදේශකයෙක් වන අබි ඔස්ටෙන් පවසයි.

“මෙය සොයා ගැනීම අමෙරිකාවට වැදගත්. F-35 යානය පියාඹන පරිගණකයක් වගෙයි. එය නිමවා තිබෙන්නේ අනෙකුත් සම්පත් හා සම්බන්ධයි. විශේෂයෙන්ම ප්‍රහාරක බලඝන සමග.”