― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්ෂීරපථයේ කැරකෙන ‘අසාමාන්‍ය වස්තුවක්’

ක්ෂීරපථයේ කැරකෙන ‘අසාමාන්‍ය වස්තුවක්’

ක්ෂීරපථයේ, ඈතින් භ්‍රමණය වන ‘අසාමාන්‍ය වස්තුවක්’ හමුවී ඇතැයි ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය හැඳින්වෙන්නේ ‘ක්ෂීරපථය’ හෙවත් ‘කිරි සයුර’ යන නමිනි.

මෙම ‘අසාමාන්‍ය’ වස්තුව පිළිබඳ පළමුවෙන් හෝඩුවාවක් සොයා ගෙන ඇත්තේ විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි තරංග අධ්‍යයනය කරමින් සිටි විශ්ව විද්‍යාල සිසුවකුටය. මෙම සිසුවා උපාධි නිබන්ධනයක් සකස් කරද්දී, අහඹු ලෙස එම සොයා ගැනීම සිදු කර ඇත. ඔස්ට්‍රේලියා තාරකා විද්‍යාඥයන් එක් වී, අසාමාන්‍ය වස්තුව ගැන උනන්දු වී, එය කුමක්දැයි සොයා බැලීමට යොමු වූයේ ඉන්පසුවය.

විශ්ව විද්‍යාල සිසුවා එම ‘අසාමාන්‍ය’ වස්තුව සොයා ගෙන ඇත්තේ පැයකට වරක් එම වස්තුවෙන් නිකුත් කෙරෙන රේඩියෝ තරංග හසු කර ගනිමින් ඒවා අධ්‍යයනය කළ බැවිනි. රේඩියෝ තරංග හසු කර ගැනීමට මෙම සිසුවා සමත් වී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශයේ පිහිටි ‘මචිසන් වයිඩර්ෆීල්ඩ්’ තාරකා දුරේක්ෂය ආධාරයෙනි.

“රේඩියෝ තරංග නිකුත් කිරීම නොකඩවා එකම වේලාවක සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් රේඩියෝ තරංග විහිදීමක් සිදුවන්නේ අඳුරු තාරකාවන්ගෙන්. ඒත් හරියටම එකම වේලාවක මේ අයුරින් සංඥා නිකුත් වීමක් මීට පෙර වාර්තා වී නැහැ.” තාරකා භෞතික විද්‍යාඥ නතාෂා හර්ලි වෝකර් පැහැදිලි කර තිබේ. ක්ෂීරපථයේ, ඈතින් බමනය වන අසාමාන්‍ය වස්තුව කුමක්දැයි සොයා බලන තාරකා විද්‍යාඥ කණ්ඩායමට නතාෂා හර්ලි වෝකර් ද අයත්ය.