26 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දු - ලංකා ධීවර ගැටුමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දු – ලංකා ධීවර ගැටුමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

යාපනය, මරුදන්කේනි, වත්තිරායන් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ජෝශෆ් ප්‍රේම්කුමාර් නමැත්තෙකු හා ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා වන ටී. අරුන්කුමාර් නමැති 21 හැවිරිදි අයෙකු 27 වැනිදා මුහුදු ගොස් දින පහක කාලයක් අතුරුදන්ව සිට තිබෙනවා.

එලෙස මුහුදු ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ මළ සිරුරු ඊයේ (31) සවස වෙරළට ගොඩගසා තිබියදී හමු වූ බව මරුදන්කේනි පොලීසිය පවසයි.

අතුරුදන්වුවන් සොයා නාවික හමුදාව හා ප්‍රදේශයේ ධීවරයින් සෝදිසි මෙහෙයුම් දියත් කළද, අදාළ ධීවරයින් සොයා ගැනීමට නොහැකි වු අතර, අනතුරුව මළ සිරුරු වෙරළට ගොඩගසා තිබු බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා.

අතුරුදන්වු ධීවරයින්ට ඉන්දීය ධීවරයින් පහර දී ඝාතනය කොට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කරයි.

මියගිය ධීවරයින්ගේ මරණයන්ට සාධාරණට ඉටුකරදෙන ලෙසට හා ඉන්දීය ධීවර ගැටලුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලා මරුදන්කේනි ප්‍රදේශවාසීන් අද (01) මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටු අවහිර කොට විරෝධතායක නිරතවිය.

එලෙස, ඊයේ(31) යාපනය, සුප්පර්මඩම ප්‍රදේශයේදී ආරම්භ කළ විරෝධතාවය අද දෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වුණ අතර ඔවුන් වෙනුවෙන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් තම කර්මාන්තය සිදුකර ගැනීමට නොහැකි වි ඇති අතර, ඉන්දීය ධිවරයින් මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ද විරෝධතාකරුවන් පවසා සිටියා.