30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉටුකම කොවිඩ් අරමුදලට මිලියන 06ක පරිත්‍යාගයක්

ඉටුකම කොවිඩ් අරමුදලට මිලියන 06ක පරිත්‍යාගයක්

බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය (ALFEA) විසින් ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන හයක මුදල් චෙක්පතක් ඊයේ (31) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත බාර දී ඇත.

මෙරට කොවිඩ් මර්දනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කඩිනම් එන්නත්කරණ ක්‍රියාවලිය විදේශයන්හි පැසසුමට ලක්ව ඇති බව එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර ඒ හේතුවෙන් විදේශ රටවල් මෙරට ශ්‍රමිකයන් සඳහා රැකියා ලබා දීමට වැඩි කැමැත්තක් දක්වන බවත් කියා සිටියේය.